ශ්‍රී ලංකා අවසන් බලාපොරොත්තුව නතර වූ තැන.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 171ක් රැස්කරගත් බව වාර්තා වේ.

අද ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරු කුසල් ජනිත් පෙරේරා හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමග වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 28කදී ලකුණු 51ක් රැස්කරගත්තේය.

කෙසේ වෙතත් අවසානයේ යම්තාක් දුරකට ශ්‍රී ලංකා කණ්ඩායම නැවත අඩු ලකුණු ගණනකින් දැවී යාමට තිබූ අවස්ථාව මගහරවා දීමට පන්දු යවන භූමිකාවට අමතරව මෙවර ලෝක කුසලානයේ පිතිකරණ භූමිකාවද නොපිරිහෙළා ඉටුකරන මහීෂ් තීක්ෂණ සමත්විය.

එහිදී ආරක්ෂාකාරී ඉනිමක් ගොඩනගමින් පන්දු 91කට මුහුණදෙමින් හතරේ පහර 3ක් සමග මහීෂ් තීක්ෂණ ලකුණු 39ක් රැස්කරගත්තේය.

සෙසු කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකු අද සාර්ථක වූයේ නැත.

අගනා පන්දු යැවීමක නිරත වූ Trent Boult ලකුණු 37කට කඩුලු 3ක් දවාගත්තේය.

එසේම Lockie Ferguson, Mitchell Santner සහ Rachin Ravindra කඩුලු දෙක බැගින් දවාගත්තේය.

Exit mobile version