ලිස්සා ගිය ලොරිය නැවතුන තැන.

මිරිගම සිට තලවකැලේ ආගරපතන දක්වා ධාවනය වු ලොරි රථයක් පැවති වර්ෂාවත් සමග ලිස්සා ගොස් උමං මාර්ගයක ගැටිම නිසා අනතුරක් සිදු වි ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල උමං මාර්ගය අසලදිය.

ධාවනය වෙමින් තිබු ලොරි රථය ප්‍රදේශයේ පැවති වර්ෂාවත් සමග ලිස්සා ඉදිරියට ඇදි ගොස් ලොරි රථය උමං මාර්ගයේ ගැටි නතර වි ඇති බවත්, අනතුරෙන් කිසිවකුට තුවාල සිදු වි නොමැති බවත් සදහන්.

අනතුර පිළිබඳව දිඹුල පතන පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version