ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික නිලධාරී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙනුවෙන් දින 5කට කෑම සඳහා රුපියල් ලක්ෂ 11ක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව වාර්තා වේ.
මෙසේ රුපියල් ලක්ෂ 11ක් භක්ෂණය කර ඇත්තේ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට කටයුතු පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවලදීයි.
කෙසේ වෙතත් ආර්ථික අර්බුදය වෙනුවෙන් වියදම් සීමා කිරීමේ චක්‍රලේකයට උඩින් මේවා සඳහා මුදල් ගෙවා තිබෙන බවද වැඩි දුරටත් සඳහන් වේ.
එසේම රුපියල් කෝටි 13ක් වඩා වියදම් කර එහි ඉදි කර ඇති සිව්මහල් පුස්තකාල සහ විභාග ශාලා ගොඩනැගිල්ලේ ජල කාන්දුව වසර තුනක් තිස්සේ පිළිසකර කර නොමැති බවද වාර්තා පෙන්වා දෙයි.