මාර්ගයේ යද්දී ආ කරුමය.

ඇදහැලුණ ධාරානිපාත වැසි සමඟ ඊයේ (08) රාත්‍රියේ අලවතුගොඩ, දොඩංගොල්ල ප්‍රදේශයේ නිවසක ගල්බැම්මක් කඩාවැටී ඇති අතර උස් ප්‍රදේශයක පිහිටි නිවසේ මිදුල නායයාමට ලක්වීමත් සමඟ අඩි 15ක් පමණ උසකින් යුත් අදාළ ගල්බැම්ම නිවසට පහළින් පිහිටි මාර්ගය වෙත කඩා වැටී තිබේ. එම අවස්ථාවේ දී මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකුගේ ඇග මතට වැටී ඇති අතර වහා ක්‍රියාත්මක වූ පොලීසිය ප්‍රදේශවාසීන් සමඟ එක් වී අනතුරට ලක් වූ පුද්ගලයා ඉවතට ගෙන අකුරණ රෝහලට ඇතුළත් කළ ද ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයා අකුරණ කුරුඳුගහඇළ ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.

Exit mobile version