අපට බාල බෙහෙත් ගෙන් වූ ඇමති කවුද?.

රාජ්‍ය ආයතනයකට යම් භාණ්ඩයක් නිසි ලෙස ලබා ගෙන නොමැතිනම් එයට වග කිව යුත්තේ එම භාණ්ඩ ලබා ගැනීමට අනුමැතිය දුන් පුද්ගලයන්‍ ය.

එහිදී මුලින්ම වගකිව යුත්තේ තාක්ෂණික ඇගයීම් කමිටුවයි. එයට පුද්ගලයන් නිර්දේශ කිරීම කළ යුත්තේ අමාත්‍යාංශ ලේකම් විසිනි. එසේ නොමැති නම් ආයතන ප්‍රධානියාත් නොමැති නම් මුදල් ගෙවීමට බලය ඇති ආයතන ප්‍රධානියා ය. ඉන් අනතුරුව විවිධ නිර්දේශ ලබා දුන් පුද්ගලයන් එයට වගකිව යුතුය. අවසානයේ භාණ්ඩ ගැනීමේදී තත්ත්ව පරීක්ෂාවට ලක් කළ පුද්ගලයාද එයට වගකිව යුතුය. කෙසේ නමුත් ඔහුගේ නිර්දේශ නොමැතිව වූවත් භාණ්ඩ ලබා ගැනීමට මුදල් ගෙවීමට බලය ඇති පුද්ගලයාට බලය තිබේ. එහිදී එම භාණ්ඩය නිසි තත්ත්වයෙන් නොතිබුණ හොත් එහි වගකීම සෘජුවම භාරගැනීමට ඔහුට සිදු වේ.

ටෙන්ඩර් කාර්‍ය පටිපාටිය අතරතුර යම් යම් දූෂණ ක්‍රියා සිදුව තිබුණහොත් ඒ ඒ ක්‍රියාවන්ට ඒ ඒ පුද්ගලයන්ට වගකීමට සිදු වේ. රාජ්‍ය ටෙන්ඩර් ක්‍රියාපටිපාටියට මැදිහත් වී කාර්‍ය පටිපාටින් උල්ලංඝණය කිරීමට අමාත්‍යවරයාට බලයක් නැත.

ඔහු මැදිහත්ව තිබෙන බවට ඔප්පුකල හැකි නම් ඔහුද වැරදිකරුවෙක් වේ.

ඒ අනුව ටෙන්ඩර් ක්‍රියාපටිපාටියට සෘජුවම වගකිව යුත්තේ රාජ්‍ය නිලධාරින් ය. පොලිස් විමර්ෂණවලදී ඒවා සූක්ෂම ව සොයා ගැනීමට නම් ඒ පිළිබඳව සෘජු දැනුමක් තිබිය යුතුය.

කෙසේ වෙතත් යම් දුෂණයක් නිසා මහජනතාවට පීඩා විදීමට සිදුවන්නේ නම් එයට අමාත්‍යවරයාද වගකිව යුතුය.

ටෙන්ඩර් කාර්‍යපටිපාටියට අනුව භාණ්ඩ මිලදී නොගතහොත් එහි වගකීම කොන්ත්‍රාත්කරුට නොපැවරේ. කොන්ත්‍රාත්කරු තම භාණ්ඩ ලබා දීමේදී රාජ්‍ය නිලධාරින්ගේ අනුමැතියට යටත්ව ලබා දී තිබේ නම් කොන්ත්‍රාත්කරු ඉන් නිදහස් වේ.

ඔහු නියමිත ලෙස භාණ්ඩ ලබා නොදී ඇත්නම් ඒවාට මුදල් නොගෙවීමට කටයුතු කළ යුත්තේද රාජ්‍ය නිලධාරීන් විසිනි. නිසි ක්‍රමයන් ඒවා වූවත් අත යට ගනුදෙනු සිදුවන්නේ රාජ්‍ය නිලධාරීන් සහ කොන්ත්‍රාත්කරුවන් අතර වන නමුත් ඒවා සෙවීමට නොහැක. අත යට ගනු දෙනු සිදුවන්නේ ටෙන්ඩර් ක්‍රමය දූෂණය කිරීම වෙනුවෙනි.

රාජ්‍යයේ ටෙන්ඩර් ක්‍රියාපටිය එසේ වූවත්, ප්‍රමිතියෙන් බාල ඉමියුනොග්ලොබියුලින් ගෙන්වූ මහමොළකරු කැබිනට් මණ්ඩලයේ සිටින බවත් හැකි නම් ඔහුව අතඩංගුවට ගන්නා ලෙසත් ප්‍රමිතියෙන් බාල ඉමියුනොග්ලොබියුලින් කුප්පි ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියේ මහමොළකරු කැබිනට් මණ්ඩලයේ සිටින බවට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට දන්වා සිටි නීතීඥ කාලිංග ඉන්දතිස්ස, හැකිනම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අභියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්දතිස්ස අධිකරණය කුමක් සිතුවත්, මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට නොගන්නා බවයි.

ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් සැබෑ වැරදිකරුවන් අත්අඩංගුවට නොගෙන අහිංසක ලෙස නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ තම සේවාදායකයා අත්අඩංගුවට ගත්තේ මන්දැයි ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස මෙහිදී ප්‍රශ්න කර තිබෙන බවට විවිධ පුවත් වාර්තා කර තිබේ.

Exit mobile version