2023-03-16 දින SGCAR 3390 දරණ සුඛෝපභෝගි කාර් රථයෙන් ප්‍රවාහනය කරමින් තිබූ වල්ලපට්ටා කිලෝග්‍රෑම් 8 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට රක්වාන පොලිසියේ නිලධාරින් විසින් කටයුතු කර තිබුණි. නමුත් ලක්ෂ එක හමාරක අල්ලස් මුදලක් ලබාගෙන වහ වැටී එම කාර් රථය මුදාහැරීමට රක්වාන පොලිස් ස්ථානාධිපති කටයුතු කර තිබේ.
වාර්තා වන ආකාරයට එදින අත්අඩංගුවට ගෙන ඇති මෙම කාර් රථයේ හිමිකරු දුරකථන ඇමතුමක් ලබා දී ගැටහැත්ත ,උඩුවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මදුසංඛ නැමැති අයෙක් ඔහුගේ යතුරුපැදිය සමඟ ගෙන්වාගෙන තිබේ. ඔහු පැමිණ ඇත්තේ WPWC 3432 අංක දරණ යතුරුපැදියෙනි.
අදාළ කාර් රථයේ හිමිකරු ගොඩකවෙල හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් ගෙන රක්වාන පොලිස් ස්ථානාධිපතිට ලබා දී කාර් රථය මුදවා ගත් බවට වාර්තා වේ.
මෙම වල්ලපට්ටා කිලෝග්‍රෑම් 8 කට වැඩි ප්‍රමාණයක් සමඟ කාර් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ දහවල් 2-3 ත් අතර කාලයේදී වුවත් පොතේ සඳහන් කර තිබෙන්නේ රාත්‍රී 8.15 ට පමණ බවද අපට වාර්තා වී තිබේ.
එහි සඳහන් කර ඇත්තේ යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයාගෙන් විස්තර බවත්, වල්ලපට්ටා කිලෝග්‍රෑම් 1 යි, ග්‍රෑම් කිහිපයක් තිබෙන බව පිළිගෙන තිබියදී බවත් සදහන් වේ.
පොලිස් මූලස්ථානය මඟින් ක්‍රියාත්මක පොලිස් විමර්ශන ඒකකය මඟින් රක්වාන පොලිස් ස්ථානාධිපතිවරයා ධූරයෙන් පහ කිරීමට තරම් අවශ්‍ය කරුණු මෙන්ම CCTV දර්ශනද ලබාගෙන තිබෙන බවට අපට වාර්තා වේ.
එසේ නම් මෙවැනි පොලිස් ස්ථානාධිපතිවරයෙක් තවදුරටත් පොලිස් ස්ථානයේ රඳවා ගෙන සිටින්නේ ඇයි? ඔහු මේ වන විට රඳවා තබා ගෙන සිටින්නේ කෝටි ගණනක අල්ලස් මුදලක් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලබා දීද යන්න අපට ද සැක මතු වී තිබේ.
ඒ අනුව තවදුරටත් මොහු මහජන මුදලින් යැපෙන පුද්ගලයකු බවට පත් නොකර මොහු පොලිස් දෙපාර්තමේන්තුවෙන් මුදාහැර යුතුය. මොහු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම කැළලක් බවද, ජනාධිපතිවරයා ගොඩනැගීමට වෙහෙසෙන රට ගොඩනැගීමට මෙවැනි දේශපාලන ගැත්තන් කරදරයක් බවද වටහා ගත යුතුය.
මෙලෙස ඔවුන් මඟ යන තවත් පොලිස් නිලධාරින් දහසක් බිහි වන බව උසස් පොලිස් නිලධාරින් දැන ගත යුතුය. මොහු දේශපාලන බලපෑමක් මත තබාගන්නේද? එම දේශපාලඥයින් කවරෙක්ද යන්න දැනගැනීම උදෙසා, රක්වාන ප්‍රදේශවාසින් උද්ඝෝෂණයක නිරතවීමටද අවශ්‍ය සැලසුම් සකස්කරමින් සිටින බව අපට වාර්තා වේ.
එහෙයියන් ලෙස තම තනතුර රැක ගැනීම වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කරන නිලධාරින් පොලිසියට වැඩක් නැත.