පසුගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂගේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත හේතුකොට ගෙන නැගුණු ජන විරෝධය මැද ඔහුට ධූරය හැර යාමට සිදු විය. එවැනි ජනාධිපති වරයෙකු රජයේ මුදල්වලින් නඩත්තු කිරීම පිළිගත නොහැකි බව පවසා දුෂණ විරෝධී බලවේගයේ කැදවුම්කරු හිටපු අමාත්‍ය මුජිබර් රහ්මාන් මහතා විසින් ඔහුගේ වැය ශීර්ෂය ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලිපියක් සකස් කර ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දෙන ලදී.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට රජය කොපමණ වියදමක් දරනවාද යන්න සම්බන්ධයෙන් දැනගැනීම මෙහි අරමුණ වන අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා ඊයේ (15) දින ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඉල්ලුම් පතක් බාරදීමට පියවර ගත්තේය.
කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මුජිබර් රහුමාන් මහතා එහි ගොස් මොහොතක් යාමට මත්තෙන් හමුදා සාමාජිකයන් විශාල පිරිසක් රැගත් බස් රථයක් එම ස්ථානයට පැමිණීමය.