13 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කළ පහලොස් හැවිරිදි පාසල් සිසුන් හතර දෙනෙකු මනම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුන් මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.
මූලික විමර්ශණවල දී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සිසුන් අතරින් එක් අයෙකු අපයෝජනයට ලක් වූ සිසුවිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි.
ඒ අනුව අදාළ සිසුවා විසින් සිසුවිය රවටා කැලෑවට ගෙන ගොස් සිය මිතුරන් සමග එක්ව මෙලෙස අපයෝජනය කර ඇති බව සඳහන්.
මේ පිළිබඳ ඉදිරි විමර්ශණ කටයුතු මනම්පිටිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.