භූමි තෙල් මිල අඩු නොකරන්නේ ඇයි ?

භූමිතෙල් ,  දුගී ජනතාවගේ පරිහරණය සඳහා ලබා දුන් වාසිය පෞද්ගලික බස් රථ හිමියන් අයුතු ලෙස භාවිතා කරන බව අනාවරණය වීමෙන් අනතුරුව භූමිතෙල් මිල අඩු නොකිරීමට තීරණය කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව දුරගමන් සේවා ඇතුළු පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ගැනීමේ ජාවාරම නැවැත්වීම සඳහා මෙම භූමිතෙල් මිල අඩු නොකරන බව සඳහන්.

මෙසේ භූමිතෙල් මිල ඩීසල් මිලට ආසන්න මිලකට ගෙන ඒම නිසා වතුකරයේ ජනතාව දර භාවිතයට යොමුව තිබේ. එමෙන්ම භූමිතෙල් තවදුරටත් වැඩි දියුණු කර ඩොලර් උපයා ගැනීමට ගුවන් යානා තෙල්වලට විකිණීමට තීරණය කර ඇත්තේද මේ හේතුව නිසා බව වාර්තා වේ.

Exit mobile version