සැමියාගේ පහරදීමෙන් බිරිඳ ජීවිතක්ෂයට .

වැලිමඩ ඩයරබාවත්ත, උඩ කොටස ප්‍රදේශයේ නිවසක තිබී කාන්තාවකගේ මළසිරුරක් හමුව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, මෙම කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 36 හැවිරිදි ඩයරබාවත්ත, උඩ කොටස ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

අඹුසැමියන් අතර ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් සැමියා අතින් පයින් පහර දී පසුව පිහියකින් ද පහර දී ඇති බවට පොලීසිය පවසයි.

ඝාතනය සිදුකළ 35 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version