සහල් මිල පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් සහල් ආනයනය කිරීමට සිදුවන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගෙන් සහල් මිල සම්බන්ධව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
” පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන්න නිෂ්පාදකයෝ සහ වෙළෙන්දෝ කටයුතු කරනවා. මේක රටේ ජනතාවට දරා ගන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ නිසා මම දිස්ත්‍රික්කවලට ගිහින් ඒ සඳහා නායකත්වය දීලා අනිවාර්‍ය් වැටලීම් කරනවා. ඒ වැටලීම් අතරතුර සහල් මිල පාලනය කරගන්න බැරි වුණොත් , සහල් ආනයනය කරන්න වෙනවා.”