විදුලි බිල ආයෙත් වැඩි වෙයිද ?

විදුලි බිල ගාස්තු 56% කින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බව පසුගියදා පාරිභෝගික සංගම සඳහන් කර තිබූ නමුත් යළි විදුලි ගාස්තු වැඩි කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් ඉල්ලීමක් ලැබී නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මාහාචාර්‍ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ විදුලි ගාස්තු සංශෝදනයක් සිදු කරන්නේ නම් ඊට කැබිනට් මණ්ඩලයෙන් අවසර හිමිවිය යුතු බවත් , වසරකට විදුලි ගාස්තු සංශෝදනය කළ හැක්කේ දෙවරක් පමණක් බවත් ය.

Exit mobile version