රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිල්ල පවුල් 200 ක් පමණ මිහිදන් කරාවිද?

කොලොන්න කඩිගල්ලකන්ද ප්‍රදේශයේ අක්කර 30 ක 40ක අතර ප්‍රමාණයක පොළොව ඉරි තැලීම් පැලීම් ගිලාබැසීම් සහ ලයිට් කණු ඇලවීම් බොර දිය උල්පත් මතුවීම සහිතව නාය යාමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

කොලොන්න ග්‍රාම නිලධාරී වසමේ පවුල් හතක පුද්ගලයින්ටත් බුත්කන්ද නිලධාරී වසමේ පවුල් පහක පුද්ගලයින්ටත් එම ස්ථානයෙන් ඉවත් වන ලෙස කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම් දී තිබේ.

ඔවුන් මේ වන විට ඥාති නිවාස වල සහ කුලී නිවාසවල පදිංචිව සිටින අතර ඔවුන් සඳහා රුපියල් 2500 ක සහනාධාර මුදලක් ලැබුණු බවට ඔවුන් පවසති.

නාය යාමේ ලක්ෂණ මතුව ඇත්තේ විශාල ප්‍රදේශයක බැවින් පහළ කොටසේ ජීවත් වන තවත් පවුල් හැට හැත්තෑවක පුද්ගලයින්ට අනතුරුදායක බවට ප්‍රදේශවාසීන් පවසති.

මීට අමතරව කොළොන්න සිට බුත්කන්ද දක්වා ප්‍රධාන බස් මාර්ගයක් ද මෙම අවදානම් කලාපය හරහා වැටී ඇති බව සදහන්.

යම් විශාල නාය යාමක් සිදු වුව හොත් කොලොන්න කඩ පළ අසල ඇති කුඹුරුයාය දක්වා නාය ගමන් කළ හැකි බවට ප්‍රදේශවාසීන් පවසති.

භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැමිණ නිරීක්ෂණය කර ගිය නමුත් මේ වන තෙක් කිසිදු වාර්තාවක් නොලැබුණු බවට ප්‍රදේශවාසීන් පවසති.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් ,

Exit mobile version