කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සදහන් කර ඇත්තේ මෙරට පවතින කම්කරු නීතින් වල අඩුපාඩු ඇති බැවින් ඒවා සංශෝධනය කර සකස් කරීමට නව කම්කරු නීති පනත් කෙටුම්පතක් කඩිනමින් කම්කරු උපදේශන සභාව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව හා එම පනත් කෙටුම්පත සඳහා මේ වන විට යෝජනාවලියක් සකස් කර ඇති බවත් ය
කම්කරු අමාත්‍යාංශයේ දී පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙසේ අදහස් පළ කොට තිබේ.
“සේවයට බඳවා ගැනීමේ දී හෝ සේවා ස්ථානය තුළ සේවකයෙක් වෙනස් කොට සැලකීම වැළැක්වීමට නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදෙනවා. පරිපාලක සභා ආඥා පනතේ සාප්පු හා කාර්යාල පනතේ සේවා තත්ත්වයන් හා කොාන්දේසි පිළිබඳව සඳහන් විදිවිධාන අතර ඇති විෂමතාවයන් ඉවත්කර සෑම සේවකයෙක්ටම සමාන ආකාරයේ විදිවිධාන ඇති කරනවා. රැකියා ස්ථානයේ සියලු හිංසාකිරීම් හා ලිංගික හිංසනය ඇති කිරීමට අදාළ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දෙනවා. එතකොට සේවකයින්ගේ කැමැත්ත අනුව දින 5ක සතියක් හා නම්‍යශීලි වැඩකරන වේලාවක් හඳුන්වා දෙනවා. පාට් ටයිම් රැකියාවල නිරතවීම සඳහා අදාළ නීතිමය ප්‍රතිපාදන හදලා දෙනවා. යම් කොන්දේසිවලට යටත්ව කාන්තා සේවිකාවන් රාත්‍රී සේවයේ යෙදවීම සඳහා දැනට පවතින නීතියේ සඳහන් නෛතික ප්‍රතිපාදන ලිහිල් කරනවා. පීතෘ නිවාඩු සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන ඇති කරනවා. මේ හදපු සටහන පදනම් කරගෙන සකස් කරන කම්කරු නීති ආකෘතිය ඉතා ඉක්මනින් කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කරලා එතැනින් පස්සේ කැබිනට් මණ්ඩලයට යනවා. ඒ අතරවාරයේ දී අදහස් චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ උසාවියට යනවා. පාර්ලිමේන්තුවට ගියාම මේක පනත බවට පත්වෙනවා.”
කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සදහන් කර ඇත්තේ රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව පරිදි නව කම්කරු පනතක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි.