නවසීලන්තයට ජය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවති පන්දුවාර විස්සයි විස්ස දෙවන තරගයෙන් කඩුලු 09ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ බවට වාර්තා වේ.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් තුල සියලු දෙනා දැවී ලකුණු 141ක් ලබාගත් අතර එම ලකුණු සංඛ්‍යාව පන්දුවාර 14යි පන්දු දෙකකට මුහුණ දී පසුකර යෑමට නවසීලන්ත කණ්ඩායම සමත් වී තිබේ.

මේ අනුව ඔවුන් ජයග්‍රහණය කළේ එක කඩුල්ලක් දවා ගෙන සිටියදීය.

Exit mobile version