මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩීයි.

නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමඟ හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරෙයි හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි  මුහුදු තීරයේ  සුළඟේ වේගය ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

එය පැයට කිලෝ මීටර් 60 – 70 දක්වා වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ .

එමෙන්ම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ  පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝ මීටර් 50 – 60 දක්වා වැඩි විය හැකි බවයි.

Exit mobile version