අත්වැරදීමකින් තම ජංගම දුරකථනයට ලැබුණු පෙම් යුවලකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට මුදා හරින බව පවසමින් තම දුරකථනයට රීලෝඩ් දමා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
ඔහු එම යුවල බිය ගන්වා රුපියල් 650ක දුරකථන බිලක් ගෙවන ලෙස දන්වා ඇති බව සදහන්.
අදාළ සැකකරු ගොටුවෙල ඇල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
අදාළ තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ තමාගේ සහ තම පෙම්වතියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් සහ වීඩියෝ දර්ශන කිහිපයක් අත්වැරදීමකින් සැකකරුගේ ජංගම දුරකථන අංකයට ගොස් ඇති අතර එහිදී එම තැනැත්තා දිගින් දිගටම ඒවා අන්තර්ජාලයට යොමු කරන බවට තර්ජනය කරමින් තමන්ගෙන් මුදල් ඉල්ලූ බවයි.