කාන්තාවන්ට රාත්‍රී 10න් පසුත් වැඩ කිරීමට අවසර.

කාන්තාවන් සේවයේ යෙදවීමට අදාළව සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ආයතනයක කාන්තාවන් රාත්‍රි දහයෙන් පසුවද සේවයේ යෙදවිය හැකි බව සදහන්.

එලෙස සේවයේ යොදවා ගන්නා කාන්තාවන්ගේ ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම් සහ විවේක ගැනී‍මේ පහසුකම් ඇතුළු සුබසාධනයට අදාළ නියමයන් හා කොන්දේසි ආයතන හිමිකරුවා ලබාදිය යුතු යැයි සංශෝධිත පනත් කෙටුම්පතේ සඳහන් වී තිබේ.

මෙලෙස සේවයේ යෙදිය හැකි වන්නේ වයස අවුරුදු දහඅට සපුරා ඇති කාන්තාවන්ට පමණි.

මෙම සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.

Exit mobile version