.ලෝක බැංකුව විසින් කෘෂිකාර්මික නවීකරණ ව්‍යපෘතිය සදහා ලබාදෙනු ලැබූ ආධාර තවත් වසර එක හාමාරක කාලයක් සදහා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එළබෙන මැයි මාසයේ සිට තවත් මාස 18 ක කාලයක් සදහා මෙම ව්‍යපෘති පවත්වාගෙන යාම වෙනුවෙන් ඩොලර් බිලියන 30 ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව එකගතාවය පලකොට ඇති බව සදහන් වේ.
ඒ පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක බැංකු නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී තීරණය කරගත් ආකාරයටයි.
දැනට කරගෙන යන ව්‍යපෘති කෘෂිකාර්මික කටයුතු සදහා විශාල ශක්තියක් වන බැවින් එම කාර්යන් අඛණ්ඩව කර ගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස අමාත්‍යවාරයාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ලෝක බැංකුව විසින් මෙම තීරණය ගෙන ඇති බව සදහන් වේ.