ලෝක මැරතන් ශූරයා මෝටර් රථ අනතුරකින් මරුට.

මැරතන් ලෝක වාර්තාව හිමිකරගෙන සිටි කෙන්යාවේ කෙල්වින් කිප්ටම් මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ කෙන්යාවේ සිදුවූ අනතුරකින් ඔහු ජීවිතයෙන් සමුගෙන ඇති බවයි.

ඔහුගේ පුහුණුකරු ලෙස කටයුතු කළ රුවන්ඩාවේ Gervais Hakizimana ඊයේ සිදුවූ එම අනතුරින් මියගොස් තිබුණි.

කිප්ටම්, ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම මැරතන් ධාවකයෙක් ලෙස සැලකෙයි.

2023 ඔක්තෝබර් මාසයේදී චිකාගෝ මැරතන් තරගය පැය 2යි තත්පර 35කින්  නිම කිරීමටද ඔහු සමත් වී තිබේ.

Exit mobile version