මෙම වසරේදී ලෝක ජනගහනය මිලියන 75කින් වැඩි වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද සංගණන දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලබන ජනවාරි මස පළමු වැනිදා වන විට බිලියන 8කට වඩා වැඩි ජනතාවක් ලෝකයේ ජීවත්වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.
ලෝක ජනගහන වර්ධන වේගය මෙම වසරේදී සියයට 1කට වඩා අඩු ප්රතිශතයක පැවතිණ.
2024 ආරම්භයේ සිට සෑම තත්පරයකටම උපත් 4.3ක් වාර්තා වනවිට මරණ 2ක් වාර්තාවනු ඇතැයි අපේක්ෂා කරන බවට සංගණන දෙපාර්තමේන්තුව පවසයි.