යල කන්නයේ පොහොර සහනාධාර වවුචර අද සිට.

යල කන්නයේ වී වගා කරන ගොවීන්ට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා අද (22) සිට සහනාධාර වවුචර් පත් නිකුත් කිරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව වී වගා කරන ගොවීන් හයලක්ෂ පනස්දහසකට පමණ ඔවුන්ට අවශ්‍ය රසායනික සහ කාබනික පොහොර මිලදී ගැනීමට මූල්‍ය ප්‍රතිපාදන හිමිවන බවත් , හෙක්ටෙයාර එකක් සඳහා රුපියල් විසි දහසක් සහ හෙක්ටෙයාර දෙකක් සඳහා රුපියල් හතලිස් දෙදහසක් වශයෙන් සහනාධාර මුදලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරන බවත් සඳහන්.

එමෙන්ම මෙම පොහොර සහනාධාරය ලබා දීම සඳහා බිලියන 10ක මුදලක් රජය වෙන් කර තිබේ.

Exit mobile version