දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයෙන් සහ ලංකා විදුලිබල මණ්ඩලයෙන් වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදුකිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී .
එමෙන්ම ඊයේ (09) දිනයේ සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අද (10) දහවල් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ .
දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති අතර කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ (09) පස්වරු 05.10ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදුවිය.
බිඳවැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රමානුකූලව සිදුකළ අතර ඊයේ (09) රාත්‍රී 11 පමණ වන විට දිවයින පුරා විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය. විදුලිය බිඳවැටීමත් සමග ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වූ අතර දිවයින පුරා ආරක්ෂාව තර කිරීමට පොලීසිය සහ යුද හමුදාව කටයුතු කර තිබිණි.
මෙම හදිසි විදුලිය බිඳවැටීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර තිබේ .