කොත්තු රොටී හදනවා වගේ ආර්ථිකය හදා බුද්ධි ගලනය නතර කිරීමට නොහැකි බව ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැර යාමේ ප්‍රවණතාවය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වර්තමානයේ බුද්ධිගලනය ගෝලීය ප්‍රවණතාවයක් බවට පත්ව ඇති බවත් , ඇමරිකාව, එංගලන්තය , ඉන්දියාවේ පවා බුද්ධි ගලනය සිදු වෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී .
එමෙන්ම අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ බුද්ධි ගලනය ලංකාවේ පමණක් සිදුවන දෙයක් බවට ඒත්තු ගැන්වීමට විපක්ෂය උත්සාහ දරන බවත් , පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙවැනි දේ නොකියන ලෙසත් ය.